Commerce platform · Instagram සහ WhatsApp sellers ලා වෙනුවෙන්ම

ඔයාගේ shop එක business එකක් වගේ run කරන්න.ඔයාගෙම style එකෙන් දිගටම sell කරන්න.

හොඳම sellers ලා දන්නවා කොහොමද sell කරන්නේ කියලා — DMs වලින්, stories වලින් සහ “message us to order” වගේ දේවල් වලින්. kodo කරන්නේ ඒ මහන්සියට backend එකක් දෙන එකයි: orders ඔක්කොටම එක dashboard එකක්, එවෙලෙම update වෙන stock එකක්, ලේසියෙන්ම manage කරන්න පුලුවන් payments, සහ ඔයාට ඕනෙ වෙලාවට පාවිච්චි කරන්න ලස්සන storefront එකක්.

Card එකක් ඕන නෑ · නොමිලේ පටන් ගන්න · ලංකාවේ sellers ලා වෙනුවෙන්ම

kodo dashboard එක පාර්ශ්වයේ orders බලන ලංකාවේ seller කෙනෙක්, වටේට pack කරපු parcels
Phone එකකින් customer messages scroll කරන seller කෙනෙක්

ඔයා business එකක් පටන් ගත්තේ
full-time chat operator කෙනෙක් වෙන්න නෙවෙයිනේ.

Inbox එකේ අතරමං වෙන ordersදවසට හතලිස් පාරක් එන "මේක තියෙනවද?" messages වලට ඇත්තම sales යට ගිහින්.
හැම තැනම bank slipsහැම order එකකටම screenshot, follow-ups, සහ "සල්ලි ආවද?" කියලා පස්සෙන් යන්න වෙන එක.
Catalogue එක ආයෙ ආයෙත් type කරන්න වෙන එකඑකම ගණන් සහ sizes, chat එකෙන් chat එකට paste කර කර ඉන්න වෙන එක.
හරියට බඩු ගන්න තැනක් නෑCustomers ලට බඩු බලලා check out කරන්න වෙනම තැනක් නෑ.

දැන් ඒ ඔක්කොම platform එකෙන්ම කෙරෙනවා.

ඔයාගේ මුළු shop එකම, එකම තැනක.

පළවෙනි DM එකේ ඉඳලා අන්තිම delivery එක වෙනකම්, ඔක්කොම එකම තැනකින්.

  • Tape දාපු box එකකට customer order එකක් pack කරමින්
    අලුත් order · Rs 4,500CONFIRMEDCash on delivery · කොළඹ · pack කරන්න ලෑස්තියි.

    Orders

    හැම order එකම එකම තැනක

    Orders එන්නේ DM වලට නෙවෙයි, එකම dashboard එකකට. Chat scroll කර කර ඉන්නේ නැතුව orders confirm කරන්න, track කරන්න, delivered කියලා mark කරන්න.

  • Seller කෙනෙකුට message කරන buyer කෙනෙක්, phone එක වටේට chat bubbles
    WhatsAppCONNECTEDCustomer chats සහ orders කෙළින්ම kodo එකට.

    Inbox

    Buyers ලගේ හැම message එකම, එකම inbox එකකට

    ඔයාගේ WhatsApp සහ Instagram connect කරන්න. එතකොට customer chats වෙන වෙනම app දෙකකට නෙවෙයි, කෙළින්ම kodo එකටම එනවා.

  • අතකින් අල්ලාගෙන සිටින bank payment slip එකක්
    Slip upload වුණාAPPROVEBank transfer · Rs 4,500 · ඔයාගේ approval එක එනකම්.

    Payments

    ලංකාවටම හරියන payment ක්‍රම

    Cash on delivery සහ bank transfer, kodo එකේම built-in එනවා. Checkout එකේදී customer slip එක upload කළාම, ඔයාට ලේසියෙන්ම approve කරන්න පුළුවන්.

  • පොඩි clothing studio එකක එල්ලලා තියෙන කළු t-shirts රාක්කයක්
    Linen shift dress12 IN STOCKSizes S, M, L · orders එනකොට stock එක ඉබේම අඩුවෙනවා.

    Products සහ stock

    Products, collections සහ stock

    Products එකතු කරලා collections හදන්න, sizes සහ variants දාන්න. Stock ඉවර වුණාම ආයේ oversell වෙන එක නවත්වා ගන්න.

  • දිවයින පුරා delivery එකට ලෑස්ති කරන parcel එකක්
    කොළඹ · Rs 350FLAT RATERs 5,000ට වැඩි නම් Free Delivery · දිවයින පුරා.

    Deliveries

    Delivery ගාස්තු, ඔයාට ඕනම විදිහට

    දිවයින පුරාම එකම flat rate එකක් දාන්න, නැත්නම් ඔයා තෝරන ගණනකට වැඩි වුණාම free delivery දෙන්න. Checkout කරන්න කලින්ම customer ට delivery ගාස්තුව බලාගන්න පුළුවන්.

  • පොඩි studio එකක clothing rail එකක්
    NEWYEAR1515% OFF100න් 24ක් පාවිච්චි කරලා · ජනවාරි 31 වෙනිදායින් ඉවරයි.

    Discounts

    ඉබේම track වෙන discount codes

    Discount code එකක් හදන්න, පාවිච්චි කරන්න පුළුවන් වාර ගණන සහ expiry date එක සෙට් කරන්න. ඒක කී දෙනෙක් පාවිච්චි කළාද කියලා kodo එකෙන්ම track වෙනවා.

මූලික දේවලින් එහාට

එදිනෙදා වැඩ ටික ලේසියෙන්ම කරගත්තාට පස්සේ, kodo එකෙන් කරන්න පුළුවන් අනිත් දේවල් මෙන්න.

Miko draft කරනවා. ඔයා decide කරනවා.

Inbox replies ලියන assistant කෙනෙක් — ඔයා කැමති ප්‍රමාණයට ස්වාධීනව වැඩ කරන.

  • Suggest — Miko reply එක draft කරනවා, යවන්නේ ඔයා. ඔයාගේ approval එක නැතුව customer ට මුකුත් යන්නේ නෑ. ඒ වගේම ඔයාට review කරන්න draft orders හදලා දෙන්නත් පුළුවන්.
  • Assist — Miko ඉබේම reply කරනවා. හැබැයි rule එකක් trigger වුණාම හරි පැහැදිලි නැති දෙයක් ආවාම හරි thread එක ආපහු ඔයාට බාර දෙනවා.
  • Auto — දැනට Assist එක වගේමයි. සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව orders ගන්න feature එක තවම සංවර්ධනය වෙනවා.

Suggest එකෙන් පටන් ගන්න. Ready වුණාම ඊළඟ step එකට යන්න.

ඇත්තටම ඔයාගේම වෙන homepage එකක්.

yourbusiness.kodoshop.lk හරහා ඔයාගේම storefront එකක් — mobile-first, වේගවත්, සහ ලේසියෙන්ම share කරන්න පුළුවන්. Link එක bio එකේ, stories වල, status එකේ දාන්න.

Collections තෝරන්න, delivery ගාස්තු දාන්න, discount codes දාන්න. නිකම්ම template එකක් වගේ නෙවෙයි, හරියටම ඔයාගේම shop එක වගේ පෙනෙනවා.

Phone එක scroll කරන්න, නැත්නම් මෙතන click කරන්න

ඔයාගේ shop එක ඇත්තම brand එකක් බවට පත්වෙන තැන.

ඔයාට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් reviews

ඇත්තම customers ලගේ අදහස් (reviews) — link එක යවන්නෙත් ඔයා, storefront එකේ පේන්න දාන්නේ මොනවද කියලා තෝරන්නෙත් ඔයා.

  • බොරු reviews නෑ, fake ratings නෑ.
  • Storefront එකේ පේන්න දාන්නේ මොන reviews ද කියලා තෝරන්නේ ඔයාමයි.
  • ලොකු marketing budget එකක් නැතුවම customers ලගේ විශ්වාසය දිනාගන්න.

DM එකේ ඉඳන් shop එකට, පියවර තුනෙන්.

  1. ඔයාගේ store එක නොමිලේම හදන්න

    Sign up වෙලා ඔයාගේම link එක තෝරාගන්න. විනාඩි කිහිපයකින් ඔයාගේ shop එක live! Coding ඕන නෑ, designers ලා ඕන නෑ, hosting ගැන වදවෙන්න ඕනත් නෑ.

  2. Products එකතු කරලා link එක share කරන්න

    ඔයාගේ catalogue එක එක පාරක් upload කරලා, kodoshop.lk link එක ඔයා sell කරන ඕනම තැනක share කරන්න: Instagram, WhatsApp, TikTok හෝ වෙනත් ඕනෑම තැනක.

  3. Orders ලබාගන්න, payments ලබාගන්න

    Customers ලා තමන්ම බඩු බලලා check out වෙනවා. ඔයාට තියෙන්නේ හැම order එකක්ම සහ payments ටික එකම dashboard එකකින් ලේසියෙන්ම manage කරන්න.

හැම පියවරකදීම අපි ඔයා එක්ක ඉන්නවා.

මොකක් හරි ගැටලුවක්ද, නැත්නම් ඊළඟට කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරිද? කෙළින්ම අපිට message කරන්න — kodo හදන team එකම තමයි ඔයාට උත්තර දෙන්නෙත්.

නොමිලේ පටන් ගන්න. ලාභ ලැබෙනකොට විතරක් ගෙවන්න.

පටන් ගන්න card එකක් ඕන නෑ. Shop එක සරුවෙලා උදව් ඕන වෙනකොට විතරක් higher plan එකකට මාරු වෙන්න.

Pro

LKR 8,000මාසිකව

+ card payments වලට 0.6% kodo fee එකක්

නැතහොත් අවුරුද්දටම LKR 80,000 — LKR 16,000 ක් ඉතිරියි

තමන්ගෙම Brand එකක්

  • Productsසීමාවන් නැත
  • Sales channels2
  • Team seats5
ඔක්කොම features compare කරලා බලන්න
Free, Standard සහ Pro plans අතර විශේෂාංග සංසන්දනය
විශේෂාංගයFreeStandardPro
ඔයාගේ shop එක
ProductsHow many products the catalogue may hold25සීමාවන් නැත
Sales channelsWhatsApp and Instagram inboxes connected at the same time12
Team seatsPeople who can sign in to the store15
විකුණුම් (Selling)
Courier dispatch & labelsBook a courier pickup and print shipping labels from an orderඇතුළත් නැතඇතුළත්
Public order trackingA public page where a buyer can check their order statusඇතුළත්ඇතුළත්
Discount codesCreate discount codes buyers can redeem at checkoutඇතුළත්ඇතුළත්
TestimonialsSend review-request links and publish the repliesඇතුළත්ඇතුළත්
Buyer order notificationsAutomatic email and WhatsApp updates to the buyer as an order movesඇතුළත්ඇතුළත්
Card payments in your storeConnect your own payment gateway — buyers pay by card without leaving your shop, and orders are marked paid automaticallyManual payment linkAutomatic — checkout එකේදී ගෙවනවා+ card payments වලට 0.6% kodo fee එකක්
Miko
Miko suggestionsMiko drafts every reply for the seller to sendඇතුළත්ඇතුළත්
Morning digestA morning email summarising what needs the seller todayඇතුළත්ඇතුළත්
Miko AssistMiko sends its own replies on safe intents instead of holding a draftඇතුළත් නැතඇතුළත්
Voice-note transcriptionTranscribe inbound voice notes so Miko can answer themඇතුළත් නැතඇතුළත්
AI credits each monthCredits topped up on the first sweep of every calendar month2005,000
Storefront සහ brand එක
Advanced storefront sectionsCountdown, logo strip and testimonial sectionsඇතුළත් නැතඇතුළත්
Custom domainConnect a domain the merchant owns to their storefrontඇතුළත් නැතඇතුළත්
Remove the kodo badgeHide the "powered by kodo" badge on the storefrontඇතුළත් නැතඇතුළත්

Card payments සඳහා වන kodo fee එක ඔයාගේ මාසික bill එකට එකතු වෙනවා — payment එකෙන් කපා ගන්නේ නෑ, සල්ලි PayHere හරහා කෙළින්ම ඔයාගේ bank එකටම එනවා. PayHere එකෙන් තමන්ගේම transaction fee එකක් අය කරනවා — ඒක kodo එකෙන් තීරණය කරන එකක්වත් එකතු කරන එකක්වත් නෙවෙයි. ඔයා තනියම settle කරන orders වලට කිසිම plan එකක kodo fee එකක් අය වෙන්නේ නෑ.

Plan එකෙන් plan එක සම්පූර්ණ මිල ගණන් බලන්න

Payments ලබාගැනීම

ඕනෑම plan එකකින් card payments ලබාගන්න. Paid plans වලදී ඒවා පස්සෙන් යන එක නතර කරන්න.

Free shops වලට දැනටමත් card වලින් pay කරන්න පුළුවන් — ඔයාම link එක යවලා confirm කරන්නයි තියෙන්නේ. ඔයාගේම PayHere account එක connect කළාම order එකෙන්ම ඒ කොටස ඉබේම කෙරෙනවා.

Free plan එකේදී

Manual payment link

ඔයාගේ gateway portal එකෙන් link එකක් හදලා, ඒක kodo එකට paste කරලා buyer ට යවන්න. ඇත්තම සල්ලි, ඇත්තටම ලැබෙනවා — confirm කරන එක විතරයි ඔයා කරන්න ඕන.

  • ඔයාම link එක හදලා buyer ට යවනවා
  • Buyer කෙළින්ම ඔයාගේ gateway එකට ගෙවනවා
  • Order එක paid කියලා ඔයා තනියම mark කරනවා
  • ඔවුන් ගෙව්වද නැද්ද කියලා kodo එක දැනගන්නේ නෑ

Paid plans වලදී

Checkout එකටම built-in එන card payments

ඔයාගේම PayHere account එක එක පාරක් connect කරන්න. Buyers ලා ඔයාගේ shop එකෙන් පිටතට යන්නේ නැතුව card එකෙන් ගෙවනවා, ඒ වගේම PayHere එකෙන් confirm කරපු ගමන් order එක ඉබේම paid කියලා mark වෙනවා.

  • ඔයාගේ PayHere account එක, එක පාරක් connect කරන්න
  • Card details දාන්නේ PayHere එකේම secure form එකේ
  • Shop එකෙන් check out වෙන ගමන්ම buyers ලා ගෙවනවා
  • Signed callback එකක් හරහා order එක ඉබේම paid ලෙස mark වෙනවා

Works with

  • PayHere

ළඟදීම

  • KOKO
  • Mintpay
  • WebXPay

PayHere හරහා card payments ගන්න නම් ඔයාට අනිවාර්යයෙන්ම තමන්ගේම කියලා custom domain එකක් තියෙන්න ඕනේ. ඒකට හේතුව, PayHere එකෙන් merchant account දෙන්නේ ඔයාටම අයිති domain එකකට විතරයි ('yourshop.kodoshop.lk' වගේ subdomains වලට ඒක දෙන්නේ නෑ). ඒ නිසා custom domain පහසුකම තියෙන kodo paid plan එකක් මේ සඳහා අනිවාර්ය වෙනවා.

ඔයාගේ shop එකේ built-in gateway එකෙන් වෙන card payments වලට kodo එකෙන් පොඩි fee එකක් අය කරනවා. හැබැයි මේක payment එකෙන් කපාගන්නේ නෑ, PayHere එකෙන් මුළු මුදලම කෙළින්ම ඔයාගේ බැංකුවටම එවනවා. kodo fee එක එකතු වෙන්නේ ඔයාගේ මාසික kodo බිලට විතරයි. (PayHere එකෙන් එයාලගේම කියලා වෙනම transaction fee එකක් අය කරනවා, ඒක kodo එකට අදාළ දෙයක් නෙවෙයි). විශේෂයෙන්ම කියන්න ඕනේ, ඔයාම manual විදිහට කරන payments වලට (Cash on delivery, bank transfer, payment links) kodo එකෙන් කිසිම fee එකක් අය කරන්නේ නෑ.

kodo fees: Standard plan එකට 1% සහ Pro plan එකට 0.6% විදිහටයි අය වෙන්නේ. උදාහරණයක් විදිහට, මාසෙකට රුපියල් ලක්ෂ 5ක (LKR 500,000) card payments ගන්න shop එකකට, Pro plan එක පාවිච්චි කළොත් ඒ payments ටිකටම මාසික බිලට රුපියල් 2,000ක් විතරයි එකතු වෙන්නෙ.

  • ඔයාගේම PayHere account එක — kodo කවදාවත් merchant of record වෙන්නේ නෑ
  • සල්ලි kodo හරහා නෙවෙයි, කෙළින්ම ඔයාගේ bank එකටම එනවා
  • Card details kodo එකට කවදාවත් යන්නේ නෑ

ඔයාගේ shop එකට අඩුවෙලා තිබුණු හැමදේම, එකම තැනකින්.

Orders, stock, payments සහ ඇත්තම storefront එකක් — දැන්ම sign up වෙලා, ඔයාගේ DMs වලට කවදාවත් බලාගන්න බැරි වුණ වැඩ ටික kodo එකට බාර දෙන්න.

Card එකක් ඕන නෑ · නොමිලේම පටන් ගන්න · ලංකාවේ sellers ලා වෙනුවෙන්මයි

නිතර අහන ප්‍රශ්න

kodo ඇත්තටම නොමිලේද?

ඔව් — free plan එකක් තියෙනවා, පටන් ගන්න credit/debit card එකකුත් ඕන නෑ. Shop එක හදන්න, products දාන්න, ඇත්තටම orders ගන්න — ඒකට සතයක්වත් යන්නේ නෑ. Shop එක ලොකු වෙනකොට සීමාවන් නැති කරගන්න paid plans වලට යන්න පුළුවන්. ගාස්තු පිළිබඳ තොරතුරු උඩ තියෙන Pricing කොටසෙන් සහ pricing page එකෙන් බලාගන්න පුළුවන්.

මට website එකක් හරි coding දැනුමක් හරි ඕනද?

නෑ. yourbusiness.kodoshop.lk හරහා share කරන්න ලෑස්ති පිටම mobile-first shop එකක් ඔයාට ලැබෙනවා. ඔයාට තනිවම හදන්න, design කරන්න හෝ host කරන්න කිසිම දෙයක් නෑ.

මගේ customers ලා payments කරන්නේ කොහොමද?

Cash on delivery හෝ bank transfer හරහා — ලංකාවේ අය දැනටමත් ගෙවන විදිහටමයි. Bank transfer එකක් නම්, customer checkout එකේදී slip එක upload කළාම ඔයාට ලේසියෙන්ම dashboard එකෙන් ඒක approve කරන්න පුළුවන්.

මගේ WhatsApp සහ Instagram connect කරන්න පුළුවන්ද?

ඔව්. ඔයාගේ WhatsApp Business number එකයි Instagram account එකයි connect කරන්න. එතකොට customer chats වෙන වෙනම app දෙකකට යන්නේ නැතුව කෙළින්ම kodo inbox එකටම එනවා.

මට මොනවද විකුණන්න පුළුවන්?

ඇඳුම්, accessories, beauty products, කෑම බීම, home items, handmade නිර්මාණ ඇතුළු දැනට ඔයා DMs වලින් sell කරන ඕනෑම දෙයක්! Photos, prices, sizes සහ collections විනාඩි කිහිපයකින් add කරන්න පුළුවන්.

මට ලොකු IT/tech දැනුමක් තියෙන්න ඕනද?

කොහෙත්ම නෑ. Instagram එකට post එකක් දාන්න පුළුවන් නම්, phone එකෙන් kodo shop එකක් කරගෙන යන්නත් පුළුවන්.